International Conference on Intangible Cultural Heritage - 2019
Cultural Memory and Identity: Folk Life Associated with the Rush and Reed Industry in Sri Lanka
Tilakaratna, W. M. D. A. L. B.; Weerakkody, I. S.; Sri Palitha, G. A. C
Among the rural industries in Sri Lanka, the rush and reed industry occupies a rather significant place due to the prominence it gives to making equipment and items related to village life, such as watti, petti, paduru (mats), gamanmalu (bags), hambili (small purses), paha (strainer) etc. The raw materials used to make these items are plant products such as potta, una, bata, wewal, kiriwal, kithul raen; rush and reed types such as hana, niyanda, thunhiriya, gallaha, borupan, wetakeyya, dunukeyya, elupan, hambu and the leaves of plants such as indi, pol, thal, thala. Here the rush and reed industry based on aquatic reed plants and Wetakeyya is taken into focus. The aim of the research is to study the folk life associated with this industry. This is a qualitative research and with purposive sampling, the research area was focused on the Bentara, Dombagawatta village in the Gonagalapura area in the Galle district. Four formal and nine informal interviews, participation observations, listening to folksongs and literary sources were the main data collection techniques used. Reeds, which are naturally found as a plant are subjected to a delicate and eco-friendly process to arrive at the end product. The said process is divided into three main parts; cutting and collecting reeds, drying the reeds in the sun at a time that dew is present in the atmosphere and applying colors to the reeds using plant based colors. The patterns used to decorate the reed products in the present are those which have been carried out for generations. Traditional methods and knowledge, as well as modern methods can be identified in these process. This industry faces difficulties such as the lack of raw materials, skilled labour and a proper market for the products. By giving proper recognition to those participating in this industry, the eco-friendly nature of the industry and getting aid from the Government will help in sustaining this traditional industry.
පුරාණ මැටි බඳුන් නිර්මාණයේ හැඩය සහ භාවිතය අතර සම්බන්ධය පිළිබඳ අධ්‍යයනයක්
කොතලාවල, කේ. එල්. ඒ.
නියොලිතික යුගයේ දී මිනිසා ලැබූ විශිෂ්ට ජයග‍්‍රහනයන් අතර මැටි බඳුන් නිර්මාණයට යොමුවීම සුවිශේෂ වේ. පුරාණ සභ්‍යත්වයන්හි සමාජ, සංස්කෘතික පරිසරය අධ්‍යයනයට ද මැටි බඳුන් බෙහෙවින් උපකාරී වේ. ලංකාවේ පුරාණ ආරාමික සංකීර්ණ, රාජකීය පරිශ‍්‍රය, වරාය, මෙගලිතික සුසාන ආදී ස්ථානවල සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් මැටි බඳුන් සාධක විශාල වශයෙන් හමුව ඇත. එම මැටි බඳුන් සාධක විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමේ දී විවිධ හැඩයන් හඳුනාගත හැකිය. විවිධ හැඩයෙන් යුත් මැටි බඳුන් පුරාණයේ දී එලෙස නිර්මාණය වීම සඳහා උපයෝගීතා සංකල්පය කෙතරම් දුරට බලපෑවේ ද යන්න අධ්‍යයනය මෙම පර්යේෂණ පත‍්‍රිකාවේ අරමුණ වේ. ක්ෂේත‍්‍ර අධ්‍යයනය ප‍්‍රධාන පර්යේෂණ ක‍්‍රමවේදය වූ අතර එහිදී කෞතුගාකාරවල (කොළඹ ජාතික කෞතුකාගාරය, අභයගිරිය කෞතුකාගාරය, ජේතවන කෞතුකාගාරයන්හි* ප‍්‍රදර්ශනයට තබා ඇති හා ගබඩාවල තැන්පත් කොට ඇති මැටි බඳුන් ප‍්‍රධාන වශයෙන් අධ්‍යයනයට යොදා ගනු ලැබීය. තවද මෙම ක්ෂේත‍්‍රය පිළිබඳ අධ්‍යයනය කළ ප‍්‍රාමාණික උගතුන් සම`ග පැවැත් වූ සම්මුඛ සාකච්ඡුා තුළින් ද දත්ත ඒකරාශී කරන ලදී. මැටි බඳුනක හැඩය අධ්‍යයනයේ දී මූලික අංග තුනක් හඳුනාගත හැකිය. එනම් විවරය, ශරීරය හා පත්ලයි. මීට අමතරව අ`ඩු, කෙමි, අඩි, ගෙල ආදී ලෙස ද්විතීයික අංග ද හැඩය හා සම්බන්ධව පවතී. මීට අමතරව මැටි බඳුන්වල හැඩය අධ්‍යයනයේ දී ජ්‍යාමිතික හැඩ පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ සු`ඵ වශයෙන් හෝ ඇතැම්විට ජ්‍යාමිතික හැඩ කිහිපයක් සංයුක්තව හෝ නිර්මාණය වී ඇති බව ද නිරීක්ෂණය වේ. පුරාණ සමාජයේ දී මැටි බඳුන් විවිධ කාර්යයන් සඳහා භාවිත කොට ඇත. ආහාර පිසීම, පරිභෝජනය, ගබඩාකරණය, ප‍්‍රවාහනය, ආගමික හා අභිචාරමය ආදි අවශ්‍යතා ඒ අතර ප‍්‍රධාන වේ. මෙහිදී එකී අවශ්‍යතා සහ බඳුනේ හැඩය අතර සමීප සම්බන්ධතාවක් හඳුනාගත හැකිය. නිදර්ශන වශයෙන් ආහාර සැකසීම ගතහොත් මෙහිදී ඉවීම, තැම්බීම, බැදීම යන අවශ්‍යතාවන් සපුරා ගැනීම අරමුණ වී ඇත. එහිදී ආහාර පිසීමේ කාර්යය ඉක්මන් කර ගැනීමටත්, ඒකාකාරි පිසගැනීමක් සඳහාත් තාපය හොඳින් අවශෝෂණය වන පරිදි පත්ල පැතලි ස්වභාවයෙන් නිමවා තිබේ. ආහාර පිසින මුට්ටිවල උණුසුම රදවාගත හැකි අයුරින් මුට්ටි ශරීරයට සාපේක්ෂව විවරය කුඩාවට නිර්මාණය දැකිය හැකිය. ගබඩාකිරීමේ දී ද්‍රව්‍යයේ ස්වභාවය (උණුසුම්, සිසිල්, ද්‍රව, ඝන, තෙත්, වියලි* ද සහ ඇතුළට හා පිටතට හුවමාරු වන වාර ගණන ද ගබඩාකර හෝ ඇසුරුම් කර තබන කාල පරාසය ද සැලකිල්ලට ලක් කොට ඇත. උණු ජලය පරිහරණය කිරීම සඳහා නිමවන ලද බඳුන්වල අ`ඩු නිර්මාණය කිරීම සහ අඩි නිර්මාණය ද නිදර්ශන වශයෙන් පෙන්වා දිය හැකිය. තවද දියරමය පාන, ඹෟෂධ, බීර ගබඩාකර තබන බරණි වැනි බ¥න් දිගු ගෙලකින් හා කුඩා ප‍්‍රවේශයකින් යුතුව නිර්මාණය කර ඇත. ඉන් අපේක්ෂා කළේ ප‍්‍රවහනයේ දී සහ භාවිතයේ දී අපතේ යාම වළක්වා ගැනීමය. මෙකී ප‍්‍රස්තුතය තහවුරු කරන තවත් නිදර්ශනයක් වශයෙන් අවුරකපෝරාව ගත හැකිය. එහි පතුල කේතුකාකාරව නිර්මාණය කොට ඇත්තේ නෞකා ම`ගින් ප‍්‍රවහනය කරන විට ආධාරකයක් මත සිටුවා ගෙනයාමට හැකිවන ලෙසත්, ගොඩබිමකට ලඟා වූ විට මුහුදු වෙරළෙහි ගිල්වා තබා වෙළෙඳාම් කිරීමට පහසුවන ලෙසය. පූර්වෝක්ත සාධක අනුව පර්යේෂණයේ දී අධ්‍යයනය කරන ලද පාත්තර, බරණි, කළ, කොතල, කෝප්ප, ගුරුලේත්තු, අතල ආදී පුරාණ මැටි බඳුනවල් හැඩය සකස්කර ගැනීමේ දී ඒවායේ උපයෝගිතාව සමඟ අන්‍යෝන්‍ය සබඳතාවක් ඇති බව පෙන්වා දිය හැකිය.
උඩරට සිංහල මනාලියගේ වස්ත‍්‍රාභරණ කට්ටලය හා බැඳුණු සංස්කෘතික පසුබිම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
රත්නායක, ආර්. එම්. එස්. ඒ
කිසියම් රටක ජනතාවට ආවේණික වූ ඇඳුම් පැළඳුම් යනු සංස්කෘතිය පිළිබිඹු කරන එක් සුවිශේෂී පැතිකඩකි. උඩරට සිංහල මනාලිය ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කෙරෙන ප‍්‍රබල සංස්කෘතික මානයක් වී ඇත්තේ ඇයටම ආවේණික වූ වස්ත‍්‍රාභරණ හේතුවෙනි. දහ අට වන සියවසයේ ද’ උඩරට කුලවත් කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් තුළින් ප‍්‍රභවය වූ උඩරට මනාලියගේ ඔසරි විලාසිතාවත්, විදේශ’ය ප‍්‍රභවයක් සහිත වූ ද මෙරට ජනතාවගේ වන්දනාමානයට පාත‍්‍රවන පත්තිනි මෑණියන්ගේ ආභරණ කට්ටලයට ආදේශකයක් ලෙස නිර්මාණය වූ ආභරණ කට්ටලයෙනුත් උඩරට මනාලියක් හැඩවෙයි. ලාංකේය උඩරට සිංහල මනාලියගේ වස්ත‍්‍රාභරණ කට්ටලය හා බැඳී පවතින සංස්කෘතික පසුබ්ම පිළිබඳ අධ්‍යයනය කිර’ම මෙහි ප‍්‍රධානතම අරමුණයි. වත්මන් භාවිතය තුළ මෙම වස්ත‍්‍රාභරණ කට්ටලයේ මූලික සංස්කෘතික හර පද්ධතීන් යටපත් වී තිබේ ද? යන්න අධ්‍යයන ගැටලුව විය. හෙළ සංස්කෘතික උරුමයක ඓතිහාසික හා වත්මන් තත්ත්වය අධ්‍යයනය කරමින් සිදු කැරුණු මෙම පර්යේෂණය සඳහා පුස්තකාල අධ්‍යයනයත්, ක්ෂේත‍්‍ර අධ්‍යයනය මඟින් උඩරට මනාලියගේ වස්ත‍්‍රාභරණ පිළිබඳ ඓතිහාසික පසුබිමට අදාළ දත්ත ලබා ගන්නා ලදී. වත්මන් සමාජ ආකල්ප හා භාවිතාවන් අධ්‍යයනය සඳහා මහනුවර හා මහරගම ප‍්‍රාදේශ’ය ලේකම් කොට්ඨාසයන් ඇසුරින් සම්මුඛ සාකච්ඡුා සඳහා අවශ්‍ය දත්ත දායකයින් තෝරා ගැනිණි. උක්ත මූලාශ‍්‍රයන් හරහා ලබා ගන්නා ලද දත්ත ගුණාත්මක පර්යේෂණයක් ලෙස විශ්ලේෂණය කරන ලදී. උඩරට මනාලියගේ වස්ත‍්‍රාභරණ කට්ටලය ආගජික හා සමාජ’ය පසුබ්මක් මත නිර්මාණය වූවකි. ඒ සඳහා කුල ස්තරායණය විශේෂයෙන් ම පදනම් වී තිබේ. මෙම වස්ත‍්‍රාභරණ කට්ටලය පැළැඳීම තුළ කාන්තාව පතිනියක ලෙස සමාජයේ ප‍්‍රශංසා ලබන බවත් සෑම ආභරණ අංගයක්ම ඔත්තේ සංඛ්‍යා මත නිර්මාණය වීම හා අර්ථයක් සහිතව පැළඳීම තුළ කාන්තාවට සුබපල ගෙන එන බවත් මනාව පැහැදිලි විය. එහෙත් උඩරට ප‍්‍රදේශයේ සිංහල කුලවත් කාන්තාවන් පමණක් තම විවාහයේ ද’ පැළැඳි මෙම ඇඳුම් කට්ටලය දේශ’ය විදේශ’ය භේදයකින් තොරව නූතන විවාහ සම්ප‍්‍රදාය තුළ ජනප‍්‍රිය අංගයක් බවට පත්ව තිෙබි. වර්තමානය වන විට මෙය ප‍්‍රදර්ශනාත්මක අංගයක් බවට පත්ව ඇති බවත්, වර්ණ භාවිතය, මෝස්තර භාවිතය අතීතයේදී අර්ථාන්විතව සිදුවන නමුත්, වර්තමානයේ දී මෙම ආභරණ විසිතුරු බව පදනම්ව නිර්මාණය වී ඇති බවත්, චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිබඳව වත්මන් තරුණ පරපුර නොදැනුවත් හා නොවැදගත් ලෙස සලකන බව අධ්‍යයනයෙන් පැහැදිලි විය. තාක්ෂණයේ දියුණුවත් සමඟ සමාජ තත්ත්වය වෙනස්වීමෙන් පුද්ගල ආකල්ප වෙනස් වීම උඩරට මනාලියගේ වස්ත‍්‍රාභරණ භාවිතයට ද බලපා තිෙබි. ආගජික සහ සමාජ’ය පසුබ්මක් මත සම්භවය ලද උඩරට මනාලියගේ වස්ත‍්‍රාභරණ කට්ටලය වර්තමානය වන විට හෙළ සංස්කෘතික ඌරුවෙන් බැහැරව වාණිජත්වය මත පදනම්ව ව්‍යාපාරයක් ලෙස සමාජය තුළ ඉස්මතුව පවතින බව අධ්‍යයනයෙන් අනාවරණය විය.
18 හා 19 සියවස්වල ශ‍්‍රී ලාංකේය බෞද්ධ කලාවේ නිරූපිත යක්ෂ රූපය පිළිබඳ අධ්‍යයනයක්
උදයංගනී, එන්. එච්. එස්.
‘යක්ෂ රූපය’ ලොව බොහෝ ආගමික කලාවන්හි කේන්ද්‍රීය වස්තු විෂයක් වන අතර එය සුලභ ව නිරූපණය වී ඇත්තේ් ක‍්‍රෑර, භයානක, නපුරු, අධම ගති ලක්‍ෂණ අවධාරණය වන පරිදි ය. ශ‍්‍රී ලාංකේය බෞද්ධ කලාවේ නිරූපිත යක්ෂ රූප සැලකීමේ දී යට කී ලක්‍ෂණ පමණක් නොව, එයින් පරිබාහිර ව දේව, අර්ධ-දේව, ආරක්ෂක, නිර පාලක, මාර, ආදී විවිධ ස්වරූපවලින් දක්වා තිබේ. යක්ෂ රූපවල මෙකී විවිධත්වය 18 හා 19 වන සියවස්වල ශ‍්‍රී ලාංකේය බෞද්ධ විහාර කලාවෙන් නිරූපණය වූ ආකාරය මෙම අධ්‍යයනයෙන් පරීක්‍ෂා කෙරිණි. මෙහි ප‍්‍රධාන පර්යේෂණ ගැටලුව වූයේ බෞද්ධ කලාවේ යක්ෂ රූපය භාවිතා වී ඇති විවිධ ස්වරූප මොනවාද සහ ඒ සඳහා බල පෑ හේතු කවරේද ? යන්නයි. ගුණාත්මක පර්යේෂණ ක‍්‍රමවේදය යටතේ කළ මෙහි දී දෘශ්‍ය කෘති ස්ථානීය නිරීක්ෂණය, ප‍්‍රත්‍යෙක අධ්‍යයන, සම්මුඛ සාකච්ඡුා, ද්විතීයික මූලාශ‍්‍ර අධ්‍යයන ආදී ක‍්‍රමවේද භාවිත විය. අධ්‍යයන දත්ත අනුව යක්ෂ රූපය ලාංකේය විහාර අවකාශයේ යෙදුනු ආකාර හතක් - එනම් අපාය තුළ යමපල්ලන්, ජාතක කතා තුළ මාංශ භක්‍ෂක යක්ෂයින්, ජලයේ සිටින දිය රකුසන්, මාරපරාජයේ මාරයන්, ද්වාර පාලක ආරක්ෂක යකුන්, දේවත්වය සමග බැඳුණු යකුන්, අසුරයින් ආදී වශයෙන් - හඳුනා ගත හැකි විය. එසේ ම මෙම යක්‍ෂ රූපවල ධුරාවලියක් මෙන්ම ස්ථානගත වන නිශ්චිත ස්ථාන ද විහාර අවකාශ ඇසුරෙන් හඳුනා ගත හැකි විය. මෙලෙස යක්‍ෂ රූපයේ විවිධත්වයක් ඇති වීමට බෞද්ධ සාහිත්‍යයික සංකල්පයන්ට අමතරව ඒ සමග හින්දු ආගමික සංකල්ප මිශ‍්‍රවීම, ප‍්‍රාදේශීය ජන ඇදහිලිවල බලපෑම, නක්‍ෂත‍්‍රය වැනි ක්‍ෂේත‍්‍රවල නියැලි පිරිස් සිත්තරු ලෙස එක්වීම, සමාජ සංශෝධනවල අවශ්‍යතාවය, විහාරාධිකාරියේ රුචිකත්වය වැනි කරුණු ගණනාවක් බල පා ඇත. මේ අනුව යක්‍ෂ රූපය හුදු සිතුවම් අතර චරිතයක් පමණක් නොව බෞද්ධාගම සමග ඒවා නිර්මාණය කළ සමාජ-දේශපාලනික මොහොත සමග සම්බන්ධිත ව ක‍්‍රියාත්මක වූ සුසමාදර්ශ, බල ව්‍යූහ, සංකථන ආදී ගතිකයන් ගණනාවක නියෝජනයක් ලෙස හඳුනා ගැනීමට හැකි ය.