DSpace Repository

රුහුණේ ඇදහිලි හා විශ්වාස

Show simple item record

dc.contributor.author Hemasiri, Polommaruwe
dc.date.accessioned 2016-09-20T04:45:46Z
dc.date.available 2016-09-20T04:45:46Z
dc.date.issued 2016-09-20T04:45:46Z
dc.identifier.uri http://dr.lib.sjp.ac.lk/handle/123456789/2846
dc.description.abstract Attached en_US
dc.description.abstract පළමුවන පරිච්ඡේදය මුලාශ්‍ර පැහැදිලි කිරීමකි. මෙහි මුලාශ්‍ර ඓතිහාසික සාහිත්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක වශයෙන් කොටස්කර ඇත. ඓතිහාසික වශයෙන් මහාවංශය, රාජාවලිය හා පූජාවලිය යන ග්‍රන්ථද සාහිත්‍යාත්මක වශයෙන් සංදේශ ග්‍රන්ථද වැඩි වශයෙන් ප්‍රයෝජනවත් විය. අමතරව රූපාවලි ආදී ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථද පාළි සාහිත්‍යාත්මක ග්‍රන්ථද හඳුන්වා දී ඇත. පුරා විද්‍යාත්මක වශයෙන් රුහුණේ ඇති බුදුරුවගල, කුන්ඩරජාගල වැනි මහායානික ප්‍රතිමාද සෙල්ලිපි හා මැටියෙන් කළ මුද්‍රා ද පෙන්වා දුන් අතර සෙනරත් පරණවිතාණ කෘති ද මුලාශ්‍ර වශයෙන් සලකන ලදී. මේ පරිච්ඡේදයේ දෙවන කොටස රෝහණ දේශ සීමාවයි. ඈත අතීතයේ එය ලක්දිවින් තුනෙන් එකකටත් වැඩි ප්‍රදේශයක් වුවද කෙමෙන් කුඩා වී ඇත. එසේ වූ අයුරු පෙන්වා දී මුළු දකුණු පළාතත් මොනරාගල දිස්ත්‍රික්කයත් ඇතුලත් සුළු ප්‍රදේශයකට සීමා වී ගිය අයුරු දැක්විණ. මෙහිදී රුහුණේ ජන ජීවිතය ගැන සුළු හැඳින්වීමක් කෙරිණ. මූදුකරයේ ධීවරයන් අතරත් ගම්බද ගොවියා අතරත් ඇති පාරම්පරික පොදු විශ්වාස ගැන සුළු විස්තරයකිනුත් එම පරිච්චේදය අවසන් කර ඇත. දෙවන පරිච්ඡේදයේ ප්‍රධාන මාතෘකාව ලක්දිව මහයානයයි. ලක්දිව මහායානය වට්ටගාමිණී අභය කාලයෙහි ආරම්භ වී යයි බොහෝ දෙන සළකතත් එයට ශත වර්ෂ කීපයකට පෙර මෙරට සර්වාසතිවාදීන් සිටි බවට ඉඟියක් දෙන සෙල්ලිපියක් දක්නට තිබේ. එසේම දුටුගැමුණු රජුගේ කාලයෙහි රුවන්වැලි උළෙල සඳහා නොයෙක් දේශයන්ගෙන් පැමිණි භික්ෂුන්වහන්සේගෙන්ද මෙහි පැවති ථෙරවාදයට සෑහෙන බලපෑමක් ඇතිවූ බව පෙන්වාදෙන ලදී. මිහිඳු මාහිමියන්ගේ දේවදූත සූත්‍රය හා විමානවත්ථු දේශනයද මේ රටේ පැවති පැරණි විශ්වාසයන්ට නතුවීමක් හැටියට පෙන්වා දුනිමු. මළවුන් ඇදහීමද මෙහි පැවති බවට ප්‍රමාණවත් සාධක දක්වා තිබේ. ඉල්මහ උළෙල ඉතා ඈත යුගයක සිට පැවති උත්සවයක් බව ජාතකට්ඨකතාවෙන් ගෙනහැර පැවෙමු. මේ විශ්වාස පණ්ඩුකාභය සමයෙහි අනුරාධපුරයෙහි මෙන්ම රුහුණෙහි පැවති බවද විස්තරකර ඇත. පැරණි බුදුසමය ආශ්‍රම ජීවිතයට නැඹුරු වූ එකක් වීම නිසා මහායාන වැනි නව ඉගැන්වීම් ලක පුරා පැතුරුණ ආකාරය ද කියා තිබේ. විශේෂයෙන්ම රුහුණේ උප්පලවණ්ණ, සුමන, යම සහ නාථ ආදීන් පිළිබඳ විශ්වාසයන් පැතිරයාමට හේතුද රුහුණේ ලැබී ඇති පුරාවස්තුන්ද පෙන්වමින් මෙය සනාථ කර තිබේ. මේ පරිච්ඡේදය අවසානවී ඇත්තේ මහායානයේ එන ප්‍රධානම පිළිගැනීම වූ බෝධිසත්ව සංකල්පය ගැන කළ විස්තරයකිනි. ඒ සමඟ ගමන්කළ චන්ද්‍රයානය ගැනද ඉතා කෙටියෙන් කරුණු කීමු. තුන්වන පරිච්ඡේදය රුහුණේ ප්‍රධාන දෙවිවරුන් වෙනුවෙන් වෙන්වී තිබේ. ප්‍රධාන දෙවිවරුන් වශයෙන් "සුමන, උප්පලවණ්ණ, කතරගම, නාථ හා විෂ්ණු" පෙන්වා දෙන ලදී. සුමන හා උප්පලවණ්ණ දෙදෙන පිළිබඳ මහාචාර්ය සෙනරත් පරණවිතාණ මහතා කරන ලද විවේචනාත්මක ග්‍රන්ථ පදනම් කරගෙන විස්තර කරන ලදී. සුමන දෙවියා යම දෙවියා විය හැක යන පරණවිතාණ මතයේ සිට කතරගම දෙවියාත් සුමනත් දෙදෙනාම එක්කෙනෙකු විය හැකි යැයි යම පරියාය "ධම්මරාජ"ශබ්දය ගෙන විශේෂ විග්‍රහයක් කරන ලදී. ධම්මරාජවරුන් කතරගම විසු හෙයිනි. උප්පලවණ්ණ හා නාථ දෙදෙනා පුරාණයෙහි එක්කෙනෙකු ලෙස සලකන්නට ඇතැයි යන මතයට අපටද බැස ගන්නට සිදුවිය. අවලොකිතෙශ්වරනාථ යන මහායානික බෝධිසත්වයා "නාථ" යන කෙටි නමකින් හඳුන්වමින් ඔහු දෙවියෙකුගේ තත්වයට පත්ව කෙමෙන් අභාවයට ගිය බැව්ද මෙහිදී දක්වා ඇත. සතරවන පරිච්ඡේදයෙන් රුහුණේ ප්‍රාදේශීය දෙවිවරුන් කිහිප දෙනෙකුම හඳුන්වා දී ඇත. මෙයින් වැලිගම කුන්ඩරජාගල මුල්තැන ගනී. කුන්ඩරජා සිව්වන අග්බෝ විය හැකි යැයි පෙන්වා දෙමින් මේ ප්‍රතිමාව "නාථ" ගේය යන්න තහවුරු කර ඇත. සමන්තභද්‍ර යන වදන් ලෝ භයිෂන් මතය පෙන්වා ඇතත් එය ප්‍රතික්‍ෂේප කරන ලදී. අවලොකිතෙශ්වරනාථ බටහිරට අධිපති බැවින් රුහුණු වැසියන් ඔහුට බස්නාහිර දෙවියෝ යැයි අමතන්නට ඇතැයි තව මතයක්ද ඉදිරිපත් කරන ලදී. මේ බස්නාහිර දෙවියන් පසු කලෙක රුහුණේ කඳුකරයේ ඇදහු "රජ්ජුරු බංඩාර" දෙවියන් බවට පරිවර්තනය වන්නට ඇතැයි ද කීමු. රජ්ජුරු බංඩාර ගැනද අප්‍රකට තොරතුරු මේ පරිච්ඡේදයෙහි අන්තර් ගතව ඇත. "හාමුදුරුවන්ගේ මඩුව" නමැති දේව තොයිලයද අප්‍රකට වුවකි. පරිච්ඡේදය අවසන් වී ඇත්තේ "වේරගොඩ දෙවියෝ"නොහොත් "සිද්ධ දෙවොල් දෙවියෝ" යන විස්තරයෙනි. දකුණු පළාතේ නිරිතදිග මූදු වෙරළට හුරුව මේ දෙවියාගේ බලපෑම් වෙයි. පස්වන පරිච්ඡේදය රුහුණේ යක්ෂයන් හා යක් තොවිල් පිළිබඳ විස්තරයෙන් යුක්තය. දහඅට පාලිය, රටයකුම, සූනියම, මහසෝන් සමයම සහ සන්නියකුම යන තොවිල් ද දේව තොවිල් පිළිබඳ ඉතා කෙටි විස්තරයක්ද මෙයට ඇතුලත් කර ඇත.
dc.language.iso si en_US
dc.title රුහුණේ ඇදහිලි හා විශ්වාස en_US
dc.type Article en_US
dc.date.published 1979


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account