dc.description.abstract |
ක්‍රි. පූ. හත්වන සියවසේදී පමණ හමුවන අශ්වඝෝෂ, ප්‍රථම සංස්කෘත නාට්‍ය රචකයා වශයෙන් සැලකේ. ක්‍රි. පූ. දෙවන සියවස දක්වා හෙවත් නාට්‍යශාස්ත්‍රය රචනා වන සමයේ බිහිවන නාට්‍ය රචකයන්ගේ කෘති අධ්‍යයනය කිරීමේදී ක්‍රම ක්‍රමයෙන් සංස්කෘත නාට්‍ය දියුණු වන ස්වභාවයක් දැකිය හැකියි. ඒ වූකලී නාට්‍යශාස්ත්‍රයේද සම්භවයයි.
භාස, සෞමිල්‍ය, කවිපුත්‍ර ආදීන්ගේ නාට්‍ය කෘතිවල අනතර්ගත නොයෙක් කාරණා සංග්‍රහ කෙරෙමින් භරතමුනි නාට්‍යශාස්ත්‍රය නම් කෘතිය පිළියෙල කරන්නට ඇතැයි සිතිය හැකියි. ක්‍රි.පූ. දෙවන සියවසෙන් පසුව හමු වන කාලිදාස, ශුද්‍රක හා ශ්‍රී හර්ෂදේව නාට්‍යශාස්ත්‍රයේ සජීවමත් කාලය නියෝජනය කරති. එසේ හෙයින් මේ යුගයේදී නාට්‍යය සම්බන්ධ සෛද්ධාන්තික කාරණාවලින් පෝෂණය වූ නාට්‍ය කලාවක් දැකිය හැකියි.
ක්‍රි.ව. හත්වන සියවසේ හමුවන භවභූතිගෙන් නාට්‍යශාස්ත්‍රයේ සජීවමත් කාලය සමාප්ත වෙයි. මුල් යුගයේ දී නාට්‍යශාස්ත්‍රයේ සම්භවයට හේතු පාදක වූ කාරණාද එහි අන්තර්ගතය නොසලකා හැරී නාට්‍ය රචකයන් නිසා සංස්කෘත නාට්‍යයේ පරිහානිය සිදුවන බවද පෙනී යයි.
කාලිදාස අග්‍රගණ්‍ය කවියෙකු මෙන්ම නාට්‍ය රචකයෙකි. මාලවිකාග්නිමිත්‍ර, වික්‍රමෝර්වශිය හා අභිඥානශාකුන්තලය ඔහු රචනා කළ නාට්‍ය ත්‍රිත්වයයි.
නාට්‍යශාස්ත්‍රයේ සෛද්ධාන්තික කාරණා ආශ්‍රය කෙරෙමින් ප්‍රේක්‍ෂාවක් උදෙසා කළ කාලිදාසගේ නාට්‍ය, කාව්‍ය රසයෙන් මෙන්ම නාට්‍ය රසයෙන්ද අනූනය. අනුභාව ප්‍රකට කරවන සංවාද ඉතාමත් රසාලිප්තවේ.
කාලිදාසගේ ශ්‍රේෂ්ඨතම නාට්‍යය අභිඥානශාකුන්තලයයි. සංක්‍ෂිප්තතා ගුණයෙන් හා අව්‍යාජ සිතුවිලි කවියට නැගු අයුරු මෙම නාට්‍යයෙන් ප්‍රතීයමාන වන විශේෂතාවකි. සංස්කෘත නාට්‍යය රචනයේදී උපයුක්ත නීති රීති කාලිදාසද භාවිතා කළේය. නායක, නායිකා, නාට්‍ය අවස්ථා, අර්ථෝපක්‍ෂේප ආදිය එයට උදාහරණ වේ. භරතමුනි ප්‍රණීත නාට්‍යශාස්ත්‍රයෙන් ඔහුට වඩාත් රුචි වූයේ රස සිද්ධාන්තයයි.
විභාව, අනුභාව, ව්‍යභිචාරි භාව මනාව සංයෝජනය වන පරිදි නාට්‍යයේ අන්තර්ගතයෙන් එය ප්‍රතීයමාන කිරීම ඔහුගේ අභිප්‍රාය විය.එබැවින් ස්වභාව සෞන්දර්යය අපූර්ව වාග් චිත්‍රයකට නඟනුයේ නාට්‍යයෙන් ජනනය කිරීමට අවශ්‍යය ප්‍රධාන රසයට උද්දීපන විභාව වශයෙනි. ඒ ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන පාත්‍ර ජනයාගේ මනෝ භාව ව්‍යභිචාරි භාව ආදී අනෙකුත් භාව ප්‍රකට කරමින් අපේක්ෂිත රස ජනනය සිදු කරයි.
ක්‍රි. පූ. දෙවන සියවසේ සිට හයවන සියවස දක්වා කාලයේ විසුවා යැයි සැලකෙන ශුද්‍රක, චාරුදත්තයේ ආභාසය ලබා රචනා කළ මෘච්ඡකටිකාව සංස්කෘත නාට්‍ය කලාවෙහි සුවිශේෂිත්වයක් හිමි කර ගනී. සංස්කෘත නාට්‍ය සාහිත්‍යයේ මධ්‍යම පාන්තික ජීවිතය පාදක කරගනිමින් රචනා කළ එකම නාට්‍යයද මෙයයි.
නාට්‍යශාස්ත්‍රයේ සෛද්ධාන්තික කාරණා අතරින් ශුද්‍රකගේ නාට්‍ය සඳහා බෙහෙවින් පාදක වුයේ රංග කාර්යයයි සංස්කෘත නාට්‍ය වේදිකාව පිළිබඳව අවධානය යොමු කළ ශුද්‍රක එක්වර දර්ශන කිහිපයක් රඟ දැක්වීමට අවකාශ සලසා ඇත. සංස්කෘත නාට්‍ය වේදිකාවේ කක්ෂ්‍යා භාවිතය කෙරෙහි දැක් වූ අවධානය ඉන් පැහැදිළිවේ
භරතමුනි, චතුර් අභිනය විග්‍රහ කරන නමුත් නාට්‍යයක් රංග ගත කිරීමේදී ආංගිකාභීනය ප්‍රයෝග කිරීම විශේෂ වන බව ප්‍රකශ කළේය. සංස්කෘත නාට්‍ය රචකයන් අතරින් ශුද්‍රක තෝරා ගත් රංග කාර්යයේදී ආංගිකාභීනය ප්‍රධාන වේ. මෘච්ඡකටිකාවෙහි එන විවිධ දර්ශන ඉතාමත් සංකීරණය. ආංගිකාභීනයේ ප්‍රයෝග මගින් ඒවා ඉදිරිපත් කළා විය හැකිය. එය රඟ දැක් වූ ආකාරය විග්‍රහ කිරීමට මත්තෙන් නාට්‍යශාස්ත්‍රයේ අන්තර්ගත ආංගිකාභීනයේ විශේෂ කරන්නා වූ අංශ තෝරා ගත යුතුයි. ශීර්ෂ, දෘෂ්ටි, ග්‍රීවා, හස්ත, ස්ථානක, චාරී මෙහි ප්‍රධාන අවස්ථා වෙයි. ඒවා මෘච්ඡකටිකාවේ කෙසේ භාවිතා කළ හැකිද යන්න තෝරා ගත් සිදුවීම් ආශ්‍රයෙන් නිර්මාණාත්මකව ඉදිරිපත්වේ.
ක්‍රි. ව. 606 - 648 දී හමුවන ශ්‍රී හර්ෂදේව රත්නාවලී, ප්‍රියදර්ශිකා සහ නාගානන්ද යන නාට්‍ය ත්‍රිත්වය රචනා කළේය. එයිනුදු රත්නාවලී නාටිකාව ශ්‍රේෂ්ඨතම නාට්‍යයයි. ශ්‍රී හර්ෂදේව ස්වකීය නිර්මාණයන් සඳහා පෙම් කතා ශෛලියක් උපයුක්ත කළේය. රසයෙන් නොසුන්කොට නිර්මාණය කිරීමට ගත් උත්සාහය රත්නාවලී නාට්‍යයෙන් පෙනේ.
සංස්කෘත නාට්‍ය ශෛලිය හා රීතිය ඒ ආකාරයෙන්ම භාවිත කළ නාට්‍ය රචකයෙකු වශයෙන් ශ්‍රී හර්ෂ සංස්කෘත නාට්‍ය ඉතිහාසයේ කීර්තිමත් නාමයක් දරා සිටියි. නායක, නායිකා, විදුෂක, යෙහෙළියන් ආදී සියලුම පාත්‍ර ජනයා සංස්කෘත නාට්‍ය රීතියට අනුව සකසා ඇත. නාට්‍යයේ සන්දර්භය හා ආකෘතියෙහිද මෙම ලක්ෂණ විද්‍යමානවේ. සීමිත පරිසරයක හැදී වැඩුණු නාටිකා නම් නාට්‍ය වර්ගය ස්ථාවර භාවයට පත් කිරීම ශ්‍රී හර්ෂගෙන් සංස්කෘත නාට්‍යයට සිදු වූ ප්‍රධාන සේවයයි.
නාට්‍යශාස්ත්‍රයේ තිස් හයක් පරිච්ඡේද අතරින් භාරතීය නාට්‍ය හා රංග කලාවේ ප්‍රේක්ෂාව හා පෙළ රචනය සඳහා ඉවහල් වන්නා වූ මූලික කාරණා එකී නාට්‍ය කලාවේ ප්‍රභාවට හේතු පාදක වූ බව නිගමනය කළ හැකියි. නාට්‍යශාස්ත්‍රයේ සර්ව කලාවන් පිළිබඳ කෙරෙන විග්‍රහයන් නූතන කාව්‍ය, නාටක ආදියෙහි ප්‍රයෝග කිරීමට යමෙක් සමත් වන්නේද රමණීය මෙන්ම වින්දනීය නාට්‍ය හා කාව්‍ය නිර්මාණ සහෘද, පාත්‍ර, ප්‍රේක්‍ෂක ජනයාට දායාද කළ හැකිය. |
|