dc.description.abstract |
ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පස පිහිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගමන් කිරීම පාංශු ඛාදනය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. පාංශු ඛාදනය ස්වාභාවික ක්‍රියාවලියක් වන අතර ඇතැම් මානව ක්‍රියාකාරීත්වයන් මෙම ස්වාභාවික ක්‍රියාවලිය වේගවත් කිරීමට බලපායි. පාංශු ඛාදන ක්‍රියාවලිය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක හතරක් ඇති අතර ඒවා නම් ගලන ජලය, සුළඟ, සාගර තරංග හා මහා පරිමාණ අයිස් හෙවත් ග්ලැසියර් ය. ශ්‍රී ලංකාවේ පාංශු ඛාදනය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ ගලන ජලය යි.
අධ්‍යයන ප්‍රදේශය ලෙස මහ ඔය ජල පෝෂක කළාපය තෝරා ගෙන ඇති අතර එය මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, දෙල්තොට, පාතහේවාහැට, දොළුව හා කොත්මලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ පහක ව්‍යාප්තව කිලෝ මීටර් 120 ක භූමි භාගයක් පුරා පැතිර ඇති අතර ග්‍රාම නිළධාරී වසම් 110 ක් මීට ඇතුළත් වේ.
මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ ජල පෝෂක ප්‍රදේශයක පාංශු ඛාදිත මූලාශ්‍ර හඳුනා ගැනීම හා කළාප වෙන් කිරීම සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙන් ආකෘතියක් නිර්මාණය කිරීමයි.
අධ්‍යයන ක්‍රමවේදය ලෙස, පාංශු ඛාදනය කෙරෙහි බලපාන අවකාශීය දත්ත හා අනෙකුත් අවකාශීය නොවන දත්ත භූගෝලීය තොරතුරු පද්ධතිය ( GIS ) ඇසුරින් බහුවිධ සාධක සමීක්ෂණ ක්‍රමය යටතේ ( Multi Criteria Decision Making – MCDM ) විශ්ලේශනය කළ අතර අවසන් ප්‍රතිඵලය Google Earth හරහා ද්වීපත පරීක්ෂණයට භාජනය කරන ලදි. මෙම ක්‍රමවේදය ඇසුරින් පාංශු ඛාදිත කළාප හඳුනා ගැනීමේ ( GIS ) ආකෘතිය නිර්මාණය කළ අතර නියැඳි සමීක්ෂණ ක්‍රමය යටතේ තෝරා ගත් ග්‍රාමනිළධාරී වසම් පහක් ඇසුරින් ප්‍රශ්නාවලි ක්‍රමය යටතේ අවශ්‍ය දත්ත රැස් කරන ලදි.
මෙම පර්යේෂණය සඳහා ප්‍රාථමික හා ද්විතීක දත්ත යන දත්ත වර්ග දෙක ම භාවිත කරන ලදි. අධ්‍යයනයට ප්‍රාථමික දත්ත ලබා ගැනීම සඳහා තෝරා ගත් ප්‍රජාවකට සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන නිළධාරීන් පිරිසකට යොමු කරනු ලබන ප්‍රශ්නාවලී සහ ඔවුන් සමඟ කෙරෙන සමමුඛ සාකච්ඡා මගින් තොරතුරු ලබා ගත් අතර මීට අමතරව ක්ශේත්‍ර නිරීක්ෂණ හරහාද අවශ්‍ය දත්ත රැස් කරන ලදි. තවද MCDM ක්‍රමවේදය සඳහා Global Position System ( GPS ) උපකරණ භාවිතයෙන් ස්ථානීය දත්ත ( Point Data ) ලබා ගන්නා ලදි. ද්විතීක මූලාශ්‍ර ලෙස ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 1 : 50,000 සිතියම් හා අනෙකුත් ආයතන සතු දත්ත භාවිත කර ඇත.
පාංශු ඛාදන ආකෘති ගොඩනැගීම සඳහා මෙවලමක් ලෙස භූගෝලීය තොරතුරු පද්ධතිය යොදා ගත හැකිය. එමෙන්ම කාලීන වශයෙන් වෙනස් වන දත්ත යාවත්කාලීන කරමින් පාංශු ඛාදනයේ කාලීන වෙනස්කම් හඳුනා ගැනීමට ආකෘතිය යොදා ගත හැකිය. පාංශු ඛාදනය සඳහා බලපාන සාධක වෙන් වෙන් වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම වෙනුවට සියලුම සාධකයන් අධ්‍යයනය කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි අතර ඒ මත පදනම්ව අනුගමනය කළ හැකි හා අනුගමනය කළ යුතු පාංශු සංරක්ෂණ ක්‍රමෝපායයන් නිර්ණය කිරීමේ හැකියාව ඇත. |
|